ජිනසේන CJ ස්මාර්ට් ගෘහස්ත වතුර පොම්ප වෙළෙඳපොළට | දිනමිණ


 

ජිනසේන CJ ස්මාර්ට් ගෘහස්ත වතුර පොම්ප වෙළෙඳපොළට

වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. එසේ ආරම්භ වූ සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ද ශ්‍රේණිගත කෙරිණි. 1950 වසරේ දී මේ සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවන වන ලද අතර, එතැන් පටන් මේ දක්වා සම්පූර්ණයෙන්ම මෙරටදී නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පයයි. අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම දිගු කලක් තිස්සේ පවතින විශ්වාසය යනාදී කරුණු මත ජිනසේන වතුර පොම්ප මේ වනවිට ජනතාව අතර ප්‍රමුඛ නමක් දිනා සිටියි.

වර්තමානයේ ඉහළ බල කාර්යක්ෂමතකින් සහ පරිසර හිතකාමී බවින් යුත් නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන් අතර දැඩි ඉල්ලුමක් පවතින අතර ව්‍යාපාරයන් විසින්ද එම ඉල්ලුම් සපුරාලිය හැකි නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වූ තිරසාර නිෂ්පාදනය පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරයි. මෙලෙස පරිසරය පිළිබඳ මෙන්ම පාරිභෝගික තෘප්තිය පිළිබඳ නිරතුරුවම කැපවෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පද්ධති සහ විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයන් වන ජිනසේන සමාගම විසින් කලින් කලට ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ උසස් ගුණාත්මකභාවකින් යුත් නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරනුයේ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන උසස්ම නිෂ්පාදන ඔවුන් ළඟා කරලීමේ අරමුණ ඇතිවයි. මෙලෙස මෑතකදී වෙළෙඳපොළට හඳුන්වා දුන් ඉහළ බල කාර්යක්ෂමතාවයකින් යුත් නවතම CJ මාදිලියේ ස්මාර්ට් වතුර පොම්ප සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වනුයේ එහි ඇති අසමසම විශේෂාංග සහ කාර්යක්ෂමතාවය නිසාවෙනි.

 

නව අදහස දක්වන්න