STI හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතාවලට පහසුකම් සපයයි | දිනමිණ


 

STI හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතාවලට පහසුකම් සපයයි

පාරිසරික ප්‍රමිතීන් ආරක්ෂා කර ගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්ප්‍රේෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමඟ සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප්‍රාන්තයේ නගරාධිපති බී. වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම් සම්පාදනය කරන ලදි. මෙහි දී ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට ශ්‍රී ලංකාව සහ ජියා ඕෂෝ ප්‍රාන්තය එළැඹි අතර, ඵලදායී වෙළෙඳ සංවර්ධන කාර්යන් සඳහා අවධානය යොමු කරන ලදි. චීනයේ ජියා ඕෂෝ ප්‍රාන්තයේ නගරාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය හා වෙළෙඳ පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ වාණිජ කාර්යංශය ජියා ඕෂෝ සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹීය. එමෙන්ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක් වෙමින් චීනයේ ෂෙන්හේ (Shenghe) ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ශ්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ නියෝජිත කාර්යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම ඇතුළුව වැඩිදුර කරුණු පිළිබඳව ද නියෝජිත පිරිස මෙහි දී සාකච්ඡා පැවැත්වීය.

ජියා ඕෂෝ වෙළෙඳ දූත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ ඔවුන් ප්‍රවාහන, බලශක්ති හා විදුලිබල ඇමැති මහින්ද අමරවීර මහතා හමුවූ අතර, ශ්‍රී ලංකා වරාය සංචාරය තුළ වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ (Director Logistic) උපුල් ජයතිස්ස මහතා හමුවිය.

 

 

නව අදහස දක්වන්න