ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී HNB FINANCE රිදී සම්මාන ලබයි | දිනමිණ


 

ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී HNB FINANCE රිදී සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE පසුගිය දා පැවැති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී බැංකු නොවන මූල්‍ය අංශයේ රි දී සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන මේ සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත්‍රයන් හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත් වූ ආයතනයන් ඇගයීමට ලක් කරනු ලබයි.

ලැබූ සම්මානය පිළිබඳ අදහස් දැක්වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා, ‘අපගේ කැපවීම සහ උත්සාහයන් සඳහා ලැබුණු මේ පිළිගැනීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙනවා. සෑම වසරකම අපගේ අභ්‍යන්තර ක්‍රියාදාමයන්, නිෂ්පාදන සහ සේවාවන් වැඩි දියුණු කිරීමේ හා නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරනු ලබන අතර එය වසර පුරා අපට අඛණ්ඩව බොහෝ සම්මාන ලබා ගැනීමටත් අප නිවැරැදි මාවතේ ගමන් කිරීමටත් බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. සැබවින්ම මේ සම්මානය අපගේ වටිනා පාර්ශ්වකරුවන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දෙනවාෙ‘ යැයි පැවසීය.

 

නව අදහස දක්වන්න