ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පැතිරී යන මොහොතේ හිරු උදාවේ ඡායාරූපයක් | දිනමිණ


 

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පැතිරී යන මොහොතේ හිරු උදාවේ ඡායාරූපයක්

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පැතිරී යන මොහොතක කාන්තාවක් විසින් ගනු ලැබූ හිරු උදාවේ ඡායාරූපය එරට ආදිවාසි ධජයක් නිරූපණය කෙරෙන අපූරු පුවතක් වාර්තා වේ. මේ ඡායාරූපය ගෙන ඇත්තේ අලුත් අවුරුදු දා වික්ටර් හාබර්දීය.

මේ ඡායාරූපයේ හිමිකාරිනිය වන රෝස් ෆ්ලෙචර් පවසන පරිදි ගින්නෙන් නැගී දුම සමඟ ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගිය සූර්යයා ගිනි දළුවල පැහැයත් සමඟ මුසුව මෙලෙස ධජය ප්‍රතිනිර්මාණය කළ බවයි.

ලොව පැරණිම ශිෂ්ටාචාරයට අයත් වූවන් ලෙස සැලකෙන ඇබොරිජින්වරු මේ ධජයේ හිම්කරුවෝ වෙති.

 

 

නව අදහස දක්වන්න