ලෝක බලවතුන් 6ක් සමඟ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමට තවදුරටත් බැඳෙන්නේ නෑ | දිනමිණ


 

ලෝක බලවතුන් 6ක් සමඟ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමට තවදුරටත් බැඳෙන්නේ නෑ

ඉරානය 2015 දී අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් 6 දෙනෙකු සමඟ තමන් එළැඹි න්‍යෂ්ටික ගිවිසුමට තවදුරටත් නොබැඳෙන බවට ඉරානය විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. බැලිස්ටික් මිසයිල සංවර්ධනය ද නැවැත්විය යුතු බව කියමින් අලුත් ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරානයට බල කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ අදාළ ගිවිසුමෙන් ඉවත් විය. මේ ක්‍රියාකලාපය නිසා ක්‍රමිකව ගිවිසුමෙන් ඈත්වෙමින් සිටි ඉරානය සිය හමුදා ප්‍රධානී ඝාතනයෙන් පසු ඇති වූ නොසන්සුන්තාව නිසා තවදුරටත් කිසිදු කොන්දේසියකට නොබැඳී සිටීමට තීරණය කර ඇත.

 

නව අදහස දක්වන්න