77වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී | දිනමිණ


 

77වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී

හොඳම නළුවා සහ නිළිය යෝකින් සහ රෙනේ සම්මාන ලබති

77වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ නිළිය ලෙස යෝකින් ෆීනික්ස් සහ රෙනේ සෙල්වෙගර් සම්මානයට පාත්‍ර වී ඇත. විශිෂ්ට රංගන ප්‍රතිභාව සහ කතා අන්තර්ගතය නිසා ලොව පුරා දැඩි රසික ආකර්ෂණයක් හිමිකර ගත් යෝකින්ගේ ජයග්‍රහණය පිළිබඳ සිනමා රසිකයන් හදවතින්ම සතුටු වන බව සමාජ ජාලා භාවිතයේ දී දක්නට ලැබි කරුණකි. හොඳම සහාය නළුවා ලෙස වන්ස් අපොන් අ ටයිම් ඉන් හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් බ්‍රැඩ් පිට් විසින් හිමි කරගත් අතර මැරේජ් ස්ටෝරි චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ට රංගනයක යෙදුණු ලෝරා ඩර්න් හොඳම සහාය නිළිය ලෙස කිරුළු පැළඳ ඇත. සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වූයේ 1917 චිත්‍රපටයයි. හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ පැරසයිට් චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය. රූපවාහිනී සහ සිනමා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයනු වස් එලන් ඩිජෙනරස් සහ ටොම් හෑන්ක්ස් හට විශේෂ සම්මාන 2ක් ද හිමි ව ඇත.

 

 

 

නව අදහස දක්වන්න