අසීරු ගමනක සන්ධිස්ථානයක් අඛිල සපුමල් | දිනමිණ


 

අසීරු ගමනක සන්ධිස්ථානයක් අඛිල සපුමල්

නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණයක යෙදෙන්නට මා උත්සාහ ගත්තා. එත­ැනදී නාට්‍යකරුවකු සතුව පැවතිය යුතු ඉව හඳුනා ගන්න උත්සාහ කළා. ලේඛනයට ශක්‍යතාවක් මට ඇති. නාට්‍ය මාධ්‍ය සූක්ෂ්මව ග්‍රහණය කර ගන්නට මම පෙලඹුණා. ජීවිතේ වැඩි ඉඩක් නාට්‍ය කලාව වෙනුවෙන් වෙන් කරන්නට මා තුළ විශ්වාසයක් ඇතිවුණේ ඒ කාරණය මතයි.

නාට්‍යවේදී අඛිල සපුමල් අධ්‍යක්ෂණය කළ 'ගුත්තිල කාව්‍ය "වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පූර්ණ සැමරුම මේ මස 11 වැනි දින පස්වරු 3.45 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර් හිදී වේදිකාගත වේ. අඛිල සපුමල් සමග අප කළ සුහද පිළිසඳරයි මේ.

වේදිකා නාට්‍ය මාධ්‍ය තුළ නියැළීම අභියෝගාත්මක කාර්යයක්. අපි එතැනින් කතාව පටන් ගමු?

කලාවට තිබුණු නැඹුරුව ඒ වගේම ඇල්ම, මේ ගමන එන්න මාව පෙළඹුවා. කුඩා කාලේ නාට්‍ය කලාවට යොමු වීම රෝමාන්තික අත්දැකීමක් වුණා. අභියෝග ගැන වැටහීමක් ඇති වුණේ නැහැ. උසස් පෙලින් පසුව මා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ නාට්‍යකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන්න. ඒ අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක. ආපහු හැරෙන්න බැහැ. පැවරුණු වැඩ කොටසක් තියන බව අවබෝධ වෙනවා. ප්‍රායෝගික තත්ත්වය ඉතාමත් අභියෝගාත්මකයි. ඒ අතිශය දුෂ්කර ගමනක්. කටුක අත්දැකීම් රාශියක් ජීවිතයට එකතු කරමින්, උඩුගම් බලා පැමිණි ගමනක්.

මට මං ගැන විශ්වාසයක් තියෙනවා. පවතින සමාජ ආර්ථික දේශපාලන වටපිටාවට සාපේක්ෂවයි, කලාව විදින්න සාමාන්‍ය මිනිසුන්ට ඉඩ ලැබෙන්නේ. නාට්‍යකරුවෙක් විදිහට එතැනදී බලාපොරොත්තු සහගත ගමනක යන්නට මා උත්සාහ කරමින් ඉන්නවා.

අධ්‍යක්ෂකවරයකු විදිහට ඔබේ නිර්මාණ බොහොමයක් රචනා කරන්නෙත් ඔබමයි?

නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණයක

යෙදෙන්නට මා උත්සාහ ගත්තා. එත­ැනදී නාට්‍යකරුවකු සතුව පැවතිය යුතු ඉව හඳුනා ගන්න උත්සාහ කළා. ලේඛනයට ශක්‍යතාවක් මට ඇති. නාට්‍ය මාධ්‍ය සූක්ෂ්මව ග්‍රහණය කර ගන්නට මම පෙලඹුණා. ජීවිතේ වැඩි ඉඩක් නාට්‍ය කලාව වෙනුවෙන් වෙන් කරන්නට

මා තුළ විශ්වාසයක් ඇතිවුණේ

ඒ කාරණය මතයි.

ඔබ අතින් අධ්‍යක්ෂණය වූ ස්වතන්ත්‍ර නාට්‍ය පිළිබඳව කෙටියෙන් මතක් කළොත් ?

මගේ ප්‍රවේශය වන්නේ "පොළොවෙන් උපන් පුත්තු" නාට්‍යය. එය 2009 වසරේ ජෝන් ද සිල්වා රඟහලේ දී වේදිකා ගත වෙනවා.

2011 වසරේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව නිර්මාණය කළ "ඌ වීරයා" මෙන්ම "රාවණ" නාට්‍ය නිර්මාණය කරනවා. 2015 වසරේ කළ," හිනාවෙලා මිනිත්තුවක්." නාට්‍ය යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට පත් වනවා. 2016 දී නිර්මාණය කළ "ගිරිකූට කාශ්‍යප" නාට්‍ය රාජ්‍ය සහ යෞවන සම්මාන දිනාගන්නට සමත් වනවා. ඊට පසුව "පුළුවන්නං අල්ලන්න," දේශපාලන ප්‍රහසනය හා "විකාරම හැන්දෑව" පර්යේෂණාත්මක නාට්‍ය ගොනුව , නිෂ්පාදනය කරනවා අනතුරුව "ගුත්තිල කාව්‍යය ", "මඟුල් කපුවා" නාට්‍ය පහුගිය වසරේ නිර්මාණය කරනවා. ඒවගේම මගේ අලුත්ම නාට්‍ය "උඩරට කොල්ලයි, පහත රට කෙල්ලයි" ප්‍රහසන නාට්‍ය මේ දවස්වල නිෂ්පාදනය වෙමින් පවතිනවා.

වේදිකාව හැර වෙනත් මාධ්‍යයක නිර්මාණයක් එළිදක්වන්න අදහසක් නැද්ද ?

සිනමාව පිළිබඳ කුඩා කාලයේ පටන්ම මගේ අවධානයක් තියෙනවා. විශ්වවිද්‍යාලයෙදි වාර්තා, චිත්‍රපට කෙටි චිත්‍රපට නිර්මාණය කරන්නේ ඒ නිසයි. අනාගතයේ චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවකින් ඉන්නෙ. ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට වෙනවා. ඒ සඳහා හවුල් විය හැකියි නිෂ්පාදකයකු සොයමිනි ඉන්නේ. නමුත් කවදාවත් වේදිකාවෙන් බැහැර වෙන්න අදහසක් නම් නෑ.

ගුත්තිල කාව්‍ය නාට්‍ය දෙවර්ෂ පූර්ණයට සූදානම්. එහි අධ්‍යක්ෂවරයා විදිහට ඔබට දැනෙන හැඟීම මොන වගේද ?

අසීරු ගමනක සන්ධිස්ථානයක්. වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍ය උසස් කෘතියක්. එය ආශ්‍රය කරගෙනයි මෙම නාට්‍ය නිර්මාණය වන්නෙ. නාට්‍යයේ අර්ථපතිත්ව දරන්නේ ජූඩ් ශ්‍රීමාල් මහත්මයා. විශේෂයෙන් ඔහුව මතක් කළ යුතුයි. මෙය ගුරුවරුන් සහ ශිෂ්‍යයන් විඳිය යුතුම නාට්‍ය අත්දැකීමක්. දැනට දර්ශන වාර රාශියක් ප්‍රදර්ශනය වුණා. දරුවන් බාධා නොකර නාට්‍ය නැරඹුවා. මේ වසරේත් මෙම නාට්‍ය රටපුරා ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගුත්තිල - මූසිල ගුරු ගෝල සම්බන්ධය අත්දැකීමක් කරගන්නට හේතුවක් වුණේ ඇයි ?

අපි පරමාදර්ශී ගුරුවරයකු කුඩා කල සිටම හොයනවා. ගුරුවරයා අලුත් ලෝකය විවර කරයි කියලා අපි විශ්වාස කරනවා. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ දී මට හමුවන කුලරත්න හෙට්ටිආරච්චි ගුරුතුමා එදා මගේ ජීවිතයට අභිප්‍රේරණයක් ලබාදුන්නා. වචනයෙන් මාව ශක්තිමත් කළා. විශ්ව විද්‍යාල ජීවිතයේදී ගුරුවරුන් පිළිබඳව ගොඩනගා ගත් ප්‍රතිරූප ඔවුන් ඉදිරියේම දියවෙලා ගිය අවස්ථාවේ, නාට්‍ය ජීවිතය තුළ ආරියවංශ රණවීර, ලක්ෂ්මන් ප්‍රනාන්දු වැනි ගුරුවරු මගේ හදවතට සමීප වුණා. ගුරුවරයකු ලෙස ශිෂ්‍යයන්ව අගය කිරීමත් ඔවුන්ට අවස්ථා ලබාදීමත් මා කිසි විටෙකත් පැකිලෙන්නේ නෑ. ගුත්තිල කාව්‍යය නාට්‍ය නිර්මාණය වන්නේ, මේ අත්දැකීම් ඉවහල් කරගෙනයි. විශාලව පැතිරුණු ගුරුවරයාගේ භූමිකාව ශිෂ්‍යාට ආලෝකයක් වෙනවා නම් එය තමයි නාට්‍ය කරුවකු, ගුරුවරයකු විදිහට මා ලබන සතුට වන්නේ.

 

සංවාදය

ෂර්ලි සමරසිංහ

නව අදහස දක්වන්න