නාට්‍ය කලාවට සෝමලතා සුබසිංහ Play House | දිනමිණ


 

නාට්‍ය කලාවට සෝමලතා සුබසිංහ Play House

ජයන්ති කුරේ

නාට්‍ය කලාව ඉගෙනුමට ඔබ උනන්දු ද? ඔබ දක්ෂ නාට්‍ය කලා ශිල්පියකු වනු වස් උත්සාහයෙන් කැප වන්නේ ද? එසේ නම් සෝමලතා සුබසිංහ Play House ලෙස ප්‍රචලිත ලංකා ළමා හා යොවුන් රඟහල පදනම මඟින් මෙහෙයවන නාට්‍ය හා රංග කලා සහතිකපත් පාඨමාලාව ඔබට කළ හැකි අනර්ඝතම තෝරාගැනීමයි. රඟපෑම, පිටපත් රචනය හා විශ්ලේෂණය, අධ්‍යක්ෂණය, චලන අභ්‍යාස සහ හඬ පුහුණුව ආදී සර්වාකාර පුහුණු අභ්‍යාසවලින් මෙම වැඩසටහන සමන්විත වේ.

පාඨමාලාව මූලික වශයෙන් කේන්ද්‍ර වන්නේ රඟපෑම (වේදිකා නාට්‍ය සහ සිනමා) අධ්‍යක්ෂණය, පිටපත් රචනය , නැටුම්, සංගීත නාට්‍ය රංගනයයි. ඊට අමතරව වැඩසටහනට සහභාගී වන්නන්හට නිදහස් සහ ආකෘති ගත චලන සහ ඉරියව්, ශාරීරික නම්‍යශීලීත්වය හා සමබරතාවය, කටහඬ උච්චාරණය සහ කටහඬ ප්‍රක්ෂේපණය, චරිත විශ්ලේෂණය, ක්ෂණික නිර්මාණය, දර්ශන ගොඩනැගීම ආදිය ද ඉගෙනුමට අවකාශය ලැබේ.

වැඩසටහන මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ රංගනය පුහුණුව හා ඉගැන්වීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව සහ අත්දැකීම් බහුලව ලැබූ සහ සිනමා රංගන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සම්මානයට සහ පිළිගැනීමට පාත්‍රවූ කෞශල්‍යා ප්‍රනාන්දු විසිනි. රංගනය පුහුණුව හා ඉගැන්වීම පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් බහුල ප්‍රසන්න මහගමගේ සහ මයුර කාංචන පෙරේරා ද රංගනය පුහුණුවෙන් ඇයට සහය වෙති. කැමරාව, රංගනය පුහුණුව තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක හා තිරනාටක රචක තිසර ඉඹුලාන විසින් මෙහෙයවයි. මීට අමතරව වෙනත් විශේෂ විෂය ක්ෂේත්‍රවල‍ නිරත වෘත්තීයමය කලාකරුවන් විසින් ද ඇතැම් පන්ති වාර මෙහෙයවනු ලැබේ.

මෙම වැඩසටහන ආරම්භවන්නේ පෙබරවාරි මාසයේ දීය. පාඨමාලාව පිළිබඳව විස්තර සහ අයැදුම්පත් www.playhousekotte.org වෙබ් අඩවියේ ද, FB/ Playhousekotte.org හී ද දක්වා ඇත. ඔබට ලිපි මඟින් සම්බන්ධ වීමට අවැසි නම් සම්බන්ධීකාරක, රංගනය පිළිබඳ සහතිකපත් පාඨමාලාව 2020 සෝමලතා සුබසිංහ ප්ලේහවුස්, 166/1, පාර්ලිමේන්තු පාර, කුඹුක්ගහදූව, කෝට්ටේ 10100 යන ලිපිනය ඔස්සේ ද, 0759858001 හා 0770081708 යන දුරකථන මාර්ග ඔස්සේ ද සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

 

 

නව අදහස දක්වන්න