ශ්‍යාම් ප්‍රනාන්දු ඉන්දියානු සිනමාපටයක | දිනමිණ


 

ශ්‍යාම් ප්‍රනාන්දු ඉන්දියානු සිනමාපටයක

සම්මානනීය චිත්‍රපට, වේදිකා, ටෙලිනාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු ඉන්දීය සිනමාපටයක රඟපෑම සඳහා තෝරාගෙන ඇත. ඉන්දියානු සිනමාවේ සම්මානනීය ප්‍රකට සිනමාකරුවකු වන මනිරත්නම්ගේ ‘පොන්නියන් සෙල්වම්’ නම් නවතම සිනමාපටය සඳහාය. මේ දිනවලදී එහි රූගත කිරීම් පැවැත්වෙන බැවින් ශ්‍යාම් ප්‍රනාන්දු ඒ සඳහා දිවයිනෙන් බැහැරව ගොස් ඇත. රූගත කිරීම් පැවැත්වෙන්නේ, තායිලන්තයේදීය. ඔහු මෙහි මහින්දන් නම් චරිතය සඳහා තෝරාගෙන සිටී. මහින්දන් යන චරිතය සඳහා පාදක වන්නේ මහින්ද රජුගේ චරිතයයි.

මීට අමතරව, හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු වන කාර්තික්, ජයම්රවි, ලක්ෂ්මී මේ වනවිට මෙම චිත්‍රපටය සඳහා දායකවී ඇත. එසේම අශ්වර්යාරායි, වික්‍රම්, ට්‍රීෂා, මෝගන් රාමන් ද ‘පොන්නියන් සෙල්වම්’ සඳහා එක්වෙති. මෙහි සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහ්මාන්ගෙනි.

නව අදහස දක්වන්න