රුක්මණී දේවියගේ 97වැනි ජන්ම දිනය සැමරුම | දිනමිණ


 

රුක්මණී දේවියගේ 97වැනි ජන්ම දිනය සැමරුම

රුක්මණී දේවියගේ 97 වැනි ජන්ම දිනය වෙනුවෙන් පවත්වන රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගය මේ මස 15 දා පෙ.ව. 9.30ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ. ඉරිදා දිවයින නියෝජ්‍ය කර්තෘ උදේෂ සංජීව ගමගේ මෙහිදී මුඛ්‍ය දේශනය පවත්වයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය මෙදින විශේෂ දෙසුමක් පවත්වනු ලැබේ. රුක්මණී දේවි සැමරුම් ප්‍රසංගයට කපිල ප්‍රියංකර සංගීතය සපයන අතර ගුවන්විදුලි ගායක සිරිසුසන්ත ප්‍රනාන්දු රුක්මණී දේවි උපහාර ගීතය ගායනයෙන් සහභාගි වේ. ජගත් ලියනගේ නිවේදන කටයුතුවලින් මේ ප්‍රසංගයට එක් වේ. ප්‍රවීණ මාධ්‍යවේදී ‍ෙහන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා විසින් රචිත ‘රුක්මණී දේවියක්මය’ ග්‍රන්ථය දොරට වැඩීමද මෙදින සිදුකරන අතර එම ග්‍රන්ථය මහරගම ඇඩ්.ඇඩ්ස් ආයතනයේ ප්‍රකාශනයකි. රුක්මණී දේවි අනුස්මරණ සංගමය මෙම ප්‍රසංගය සංවිධානය කරයි.

නව අදහස දක්වන්න