ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම් | දිනමිණ

ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම්

ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ.
 
ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු කදවුරු වෙත බ්ලැස්ටික් මිසයිල 10 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
 
ඉරානයේ ජාතික මාධ්‍ය සදහන් කලේ සිය හමුදා ප්‍රධානියා ඝාතනයට ලක්විමේ සිදුවිමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකළ බවයි.
 
ඉරානය විසින් ඉරාකයේ ඉර්බිල් සහ අල්-අසාද් හි පිහිටි ගුවන් කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්ටගනය සනාථ කර සිටියේය.
 
මෙම ප්‍රහාරයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ඇතිවි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය ආරක්ෂක උපදේශකයින් සමග සාකච්ජා කරමින් සිටින බව ධවල මන්දිරය සනාථ කර සිටියේය.
 
මේ අතර අද දිනයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම් වන බවද සදහන් වේ.

නව අදහස දක්වන්න