කප්පම් නඩුවේ විමර්ශන නිලධාරියා හා සාක්ෂිකරු රට පැනලා | දිනමිණ


 

කප්පම් නඩුවේ විමර්ශන නිලධාරියා හා සාක්ෂිකරු රට පැනලා

සුභාෂිණී සේනානායක

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට සැඟවී සිටීමට, විදේශ රටකට යාමට ව්‍යාජ ලේඛන සකස් කිරීම මුදල් තැන්පත් කිරීම යන වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැනට ඇප මත සිටින සැකකරු රැඳී සිටි පොල්වත්ත භාරව සිටි ලක්සිරි අමරසිංහ සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරිමට නඩුව පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය. මෙම නඩුකරයට අදාළව රවින්ද්‍ර විජේගුණරත්න මහතාට සහ අනිකුත් සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් ඔප්පු වී නැති බවත් මෙම විමර්ශනය සිදු කළ රහස් පොලිසියේ විමර්ශන නිලධාරියා වන නිශාන්ත කන්දප්පා සිල්වා මහතා මේ වන විට ස්විට්සර්ලන්තයට ගොස් ඇති බවත් ඔහු ඇතුළු රහස් පොලිසියේ කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය මේ වන විට හෙලිවෙමින් පවතින බවත් ඔවුන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්විමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව කිසිදු සාක්ෂියක් නැති බවත් සාක්ෂි ලබා දී තිබෙන නාවික හමුදා නිලධාරි වෙලගෙදර යන අය මේ වන විට ස්විට්සර්ලන්තයේ සිටින බවත් මින් තම සේවාදායකයන්ට අගතියක් වන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විමර්ශන රහස් පොලිසිය ප්‍රමාද කරන බවත් මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති බවත් කියා සිටිමින් තම සේවා දායකයන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව කිසිදු සාක්ෂියක් නැති බවත් සාක්ෂි ලබා දී තිබෙන නාවික හමුදා නිලධාරි වෙලගෙදර යන අය මේ වන විට ස්විට්සර්ලන්තයේ සිටින බවත් මින් තම සේවාදායකයන්ට අගතියක් වන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විමර්ශන රහස් පොලිසිය ප්‍රමාද කරන බවත් මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති බවත් කියා සිටිමින් තම සේවා දායකයන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි ජනාධිපති නීතිඥ හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාද අධිකරණයට සහාය දක්වමින් කරුණු ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය අධිකරණයට කරුණු දැක්වීය.

ලක්සිරි අමරසිංහ සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ අධිකරණයේ පෙනි සිටියේය.

කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇති අතර එම චෝදනා වලින් ඔවුන් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය ලබන පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

 

නව අදහස දක්වන්න