නැලිගම සංඝමිත්තා ගුණානුස්මරණ පෙරහරින් | දිනමිණ

නැලිගම සංඝමිත්තා ගුණානුස්මරණ පෙරහරින්

මහර නැලිගම ශ්‍රී ශෛලසන්නාරාම පුරාණ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පනස් හත් වන වරටත් පවත්වනු ලැබූ ශ්‍රී සංඝමිත්තා ගුණානුස්මරණ මහ පෙරහැර පසුගියදා වීදි සංචාරය කෙරිණි. එම විහාරස්ථානයේ පෙරහැර සමිතිය මඟින් මෙම පෙරහැර සංවිධානය කර තිබේ. මහනුවර දළදා මාලිගාවේ මියන්රාජා හස්තියා ‍මත සධාතුක ධාතු කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරන ලදී. මෙම පෙරහැරට උඩරට, පහතරට, සබරගමු නැටුම් කණ්ඩායම් විසි පහක් සහ අලි ඇතුන් දස දෙනෙකු පමණ යොදාගෙන තිබේ. මෙම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති දික්පිටියේ පියතිස්ස නාහිමියන් විසින් මෙම පෙරහැර පැවැත්වීම මුලින්ම ආරම්භ කර තිබේ. මහර නැලිගම ශ්‍රී ශෛලසන්නාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ පළාත භාර ප්‍රධාන අධිකරණ සංඝනායක මාකුරේ පියනන්ද හිමියන්ගේ උපදෙස් මත පැවති මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ප්‍රධාන සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ.

මහර සමූහ ගණිදු රෝචන සමරතුංග

 

නව අදහස දක්වන්න