අගමැති නීති උපදේශක ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ | දිනමිණ

අගමැති නීති උපදේශක ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නීති උපදේශක ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීමේ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී ඊයේ (08) පිළිගැන්විණි.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, පසුව කොළඹ නීති පීඨයට ඇතුළත්ව නීති උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දී තිබේ.

2010 වසරේ දී ජනාධිපති නීතිඥවරයකු ලෙස දිව්රුම් දුන් එතුමා පසුගිය යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරක කාලය තුළ අසාධාරණ ලෙස දේශපාලනික මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට නීතිමය දායකත්වය ලබාදුන්නේය.

 

නව අදහස දක්වන්න