කැලණි දුරුතු මහ පෙරහැරහි අවසන් දිනය අද | දිනමිණ

කැලණි දුරුතු මහ පෙරහැරහි අවසන් දිනය අද

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද (09) පැවැත් වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
 
විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද රක්ඛිත නාහිමිගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධානය කර තිබේ.
 
ඊයේ (08) දෙවන දිනට පැවති පෙරහැර වීථී සංචාරය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.
 
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර ඊයේ ප.ව 08.00 යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කරනු ලැබීය.
 
ආගමික වතාවත්වලින් අනතුරුව සධාතුක කරඩුව කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අතින් මංගල හස්ති රාජයා මත තැන්පත් කළේය.
 
පෙරහැරේ අවසන් දිනය වන අද දිනයේ පෙරහැර පස්වරු 08 00 ආරම්භ  වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

නව අදහස දක්වන්න