පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක් | දිනමිණ

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක්

 පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
 
සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා තිබේ.
 
කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
 
ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නව අදහස දක්වන්න