චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට | දිනමිණ

චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

චීන විදේශ ඇමති සහ රාජ්‍ය මන්ත්‍රී වැන්ග් යී මහතා දෙදින සංක්‍රමණ සංචාරයක් සදහා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශ සදහන් කරයි.
 
ඇමතිවරයාගේ සංචාරය ජනවාරි 13වනදා සිට 14වනදා දක්වා සිදු කෙරේ.  
 
චීන විදේශ ඇමතිවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
 
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව දිවයිනට පැමිණෙන ඉහළම පෙලේ චීන නියෝජිතයා ලෙස වැන්ග් යී මහතා සැලකේ.
 

නව අදහස දක්වන්න