පුටින් සිරියාවේ සංචාරයක | දිනමිණ

පුටින් සිරියාවේ සංචාරයක

සිරියාවේ දමස්කස් හි සංචාරයක යෙදෙන රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සිරියානු ජනාධිපත් බෂාර් අල් අසාද් සමග සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ අමෙරිකාව සහ ඉරානය අතර යුද උණුසුම වර්ධනය වෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි.

මීට වසර 9කට පෙර සිරියානු අර්බූදයේ ආරම්භක අවස්ථාවේ දී ද, ඉන්පසු අයි. එස් එරට හිස එසවූ අවස්ථාවේ දීත් රුසියානු සහය බෂාර් අල් අසාද් රජයට හා එම හමුදාවට හිමි විය. මැදපෙරදිග කලාපයේ පිහිටි එකම රුසියානු කඳවුර පිහිටා ඇත්තේ සිරියාවේ වීම ඊට ප්‍රධානතම හේතුවයි.

 

නව අදහස දක්වන්න