යාපනය ටේබල් ටෙනිස් කාන්තා හා ආධුනික ශූරතාවලිය කෑගලු බාලිකාවේ චමීෂා තුෂාදිට ත්‍රිත්ව ශූරතා | දිනමිණ

යාපනය ටේබල් ටෙනිස් කාන්තා හා ආධුනික ශූරතාවලිය කෑගලු බාලිකාවේ චමීෂා තුෂාදිට ත්‍රිත්ව ශූරතා

 ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සම්මේලනයේ කාන්තා ටෙනිස් ටේබල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනයේ පැවැති පුහුණු කඳවුරට සමගාමීව සංවිධාන කළ සමස්ත ලංකා ආධුනික බාලිකා හා කාන්තා තරගාවලියේදී කාන්තා තරග අංශයේ ශූරතාව දිනා ගැනීමට කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂාදි සමත්වූවාය. අවසන් තරගයේදී ඇය වෙතින් පරාජයට පත්වූයේ කෑගලු බාලිකා විදුහලේම ප්‍රබෝධා මල්ලවය.

යාපනය මැදි විදුහලේදි පසුගියදා පැවැති මේ තරගාවලියේ කාන්තා අංශයේ අවුරුදු 21න් පහළ බාලිකා තරග ඉසව්ව ජයගැනීමට කෑගලු බාලිකා විදුහලේ ප්‍රබෝධා මල්ලව සමත්වූ අතර අවුරුදු 18න් පහළ තරග ඉසව්වේ ජය හිමිවූයේ කාන්තා තරග ඉසව්ව ජයගත් කෑගලු බාලිකාවේ චමීෂා තුෂාදිටය. ඇය අවුරුදු 15න් පහළ තරග ඉසව්ව ද ජයගැනීමට සමත්වූයේ තරගාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගනිමිනි. ඒ අනුව සමස්ත තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට ද පත්වූවාය.

අවුරුදු 12න් පහළ ශූරිය ලෙස කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මයුමි වීරපරාක්‍රම සම්මාන දිනූ අතර අවුරුදු 10න් පහළ තරග ඉසව්වේ ජය හිමිකර ගැනීමට ද ඇය සමත්වූවාය. යාපනය සාන්ත ජෝන්ස් බොස්කෝ විදුහලේ යූ. කරුනියා අවුරුදු 8න් පහළ ශූරිය බවට පත්වූවාය.

මේ තරගාවලියේ ආධුනික අංශය ජයගැනීමට උපද්‍යා චේතනී (18න් පහළ සහ 15න් පහළ - අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාව), රොෂේන් අර්නොල්ඩා (12න් පහළ - මහනුවර සාන්ත අන්තෝනි බාලිකාව), යොෂිනි ජයවර්ධන (10න් පහළ - මහනුවර සාන්ත අන්තෝනි බාලිකාව) සහ හිමෂී තත්සරණී (8න් පහළ - අනුලාදේවි බාලිකාව) සමත්වූහ.

 

 

නව අදහස දක්වන්න