සරසවි සිසුන් 12 දෙනා 13 තෙක් රිමාන්ඩ් | දිනමිණ

සරසවි සිසුන් 12 දෙනා 13 තෙක් රිමාන්ඩ්

පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ පහරදීම, තුවාල සිදු කිරීම, අයුතු ජනරාශීය සහ සාපරාධි බිය ගන්වීමයි.

ලබන 13 වන දා සැකකාර සිසුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලයේ පෙරේදා පස්වරුවේ ආපන ශාලාවක් තුළදී නවක වධ සිදුවීමක් මුල්කර ගනිමින් ගැටුමක් සිදුව ඇති අතර ඊයේ පස්වරුවේ ඊට සම්බන්ධ මෙම සිසුන් 12 දෙනා අත්අඩංගුවට ගැනිණ.

දෙවන වසරේ සිසුන් පිරිසක්, පළමු වසරේ සිසුන්ට විශ්වවිද්‍යාලය තුළදී මෙන්ම බොරැල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පසුගිය දින කිහිපය පුරා අමානුෂික ලෙස නවක වධය ලබාදී ඇතැයි, වාර්තා වේ.

ඊට එරෙහි වූ තෙවන වසරේ සිසුවෙක් සහ තවත් සිසුවෙකු පහරදීමට ලක්ව ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

නව අදහස දක්වන්න