ඉන්ධන හිඟයක් නෑ | දිනමිණ

ඉන්ධන හිඟයක් නෑ

රට තුළ කිසිම හිඟයකින් තොරව සැපයුම් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඉන්ධන තොග ශ්‍රී ලංකාව සතුව පවතින බව බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා දිනමිණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මෙහි දී දිනමිණ කළ විමසුමක දී බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ඉන්ධන හිඟයක් ඇති වනු ඇතැයි කිසිවකු බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

ඉන්ධන මිල වැඩි කිරීමට ද රජය කටයුතු නොකරන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, අහෝසි කළ ඉන්ධන මිල සූත්‍රය නැවත හඳුන්වාදීමට ද අදහසක් නොමැති බව වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වෙමින් තිබුණත්, ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන සැපයුමට මෙතෙක් සැලකිය යුතු බලපෑමක් සිදුවී නැතැයි රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බ්‍රිතාන්‍ය වෙළෙඳ පොළේ ජනවාරි 10 වැනිදා වන විට බොරතෙල් බැරලයක් අලෙවි වී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් 65.92 කටයි.

මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න