රන්ජන්ගේ හඬපටවලින් හෙළිවන විනිසුරුවරු ගැන පියවර ගන්න | දිනමිණ


 

රන්ජන්ගේ හඬපටවලින් හෙළිවන විනිසුරුවරු ගැන පියවර ගන්න

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපටවලින් හෙළිවන විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින බව ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් දා (08) ප්‍රකාශ කළේය.

අදාළ හඬපට සියල්ල අගවිනිසුරුවරයාට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඇමැතිවරයා ඉල්ලා සිටි අතර ඒ ඔස්සේ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය. අධිකරණය පිළිබඳ ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අදාළ හඬපටවල නම් සඳහන් විනිසුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය ආරම්භ කරමින් ‍ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක් වෙමිණි.

නව අදහස දක්වන්න