රන්ජන් රාමනායක තමන් සිටින්නේ කොතැනද කියා තේරුම් ගත යුතුයි | දිනමිණ

රන්ජන් රාමනායක තමන් සිටින්නේ කොතැනද කියා තේරුම් ගත යුතුයි

නිමල් රාජපක්ෂ

රන්ජන් රාමනායක තමන් සිටින්නේ කොතනද කියා තේරුම් ගත යුතු යැයි දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසුවේය.

දෙමටගොඩ ජොන්හොලන් අංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

විධායක්වය එක්ක කටයුතු කරද්දී, ව්‍යවස්ථාදායක්තවයේදී අපි අවංක වෙන්න ඕනෑ. හඬ පට එළියට යන කොට පිටපත් අරගෙන දීලා තිබෙනවා කියා ඔහුම කියා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මේ පිලිබඳ ප්‍රකාශ කරනවා. ඕනෑ කෙනෙකුට පිට පතක් ගන්න පුළුවන්.

රටක් පාලනය කරන්න න්‍යායපුස්තකයක් තිබෙන්න ඕන. එය ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව. මේ විවස්ථාදායකත්වය ගන්නා ලද තීන්දු එහි අනුමත කළ පසුයි චක්‍ර ලේඛන නිකුත් කළ හැක්කේ .අද අධිකරණය හෑල්ලුවට ලක් කරලා තිබෙනවා. අගවිනිසුරුවරයා යටතේ සිටින විනිසුරුවන්ගේ කාර්යභාර්ය පිළිබඳ කැලළක්, අපකීර්තියක්, අවිශ්වාසයක් ඇතිවෙලා. ඒවා වහාම නිවැරිදි කිරීම අගවිනිසරු සතු කාර්යයක්. රටේ සමාජගතවී තිබෙන, ජනගතවී තිබෙන කාරණයක් . මේ කාරණය පිළිබදව විශේෂ අවධානය යොමු කරන්න. විනිසුරුවරියන් ඒකක කථා කර තීන්දු තීරණ දෙන්න පුළුවන්නම්. ජිවිතාන්තය දක්වා හිර ගෙදර දමන්න පුළුවන් නම්, ඒ වාගේ දේශපාලන පලිගැනීම් ගන්න පුළුවන් නම්, මේවා සුළුවෙන් තකන්න සුදුසු නෑ. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර මේ ආකාරයෙන් කටයුතු කරපු අයට නිසි දඬුවම් ලබාදිය යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා ඒගොල්ල දේශපාලන පළිගැනීම්වලට ලක් කළේ නෑ කියා. එසේනම් එෆ්. සී. අයි. ඩී. එක දැම්මේ ඇයි? කවුද එෆ්. සී. අයි. ඩී. ය මෙහෙයවුයේ? කවුද ඒ කමිටුව කැඳවුයේ .

නව අදහස දක්වන්න