අසර්බයිජාන් හී මිය ගිය දරුවන් රජයේ වියදමින් ලංකාවට | දිනමිණ

අසර්බයිජාන් හී මිය ගිය දරුවන් රජයේ වියදමින් ලංකාවට

අසර්බයිජාන් හී මිය ගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අසර්බයිජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවී මිය ගොස් තිබුණි.

ඔවුන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය එම මුදල ලබාදීමට තීරණය කර ඇති බව මිගිය දරුවන්ගේ දෙමාපියන් වෙත විදේශ සබඳතා අමාත්‍යවරයා දන්වා ඇත.

 

නව අදහස දක්වන්න