නිත්‍ය­ක­ල්‍යාණි වෙතින් හමුදා නිල­ධා­රීන්ගේ දරු­වන්ට පොත් පත් | දිනමිණ


 

නිත්‍ය­ක­ල්‍යාණි වෙතින් හමුදා නිල­ධා­රීන්ගේ දරු­වන්ට පොත් පත්

ස්වර්ණාභරණ ලොව කිරුළ පැළැඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් සංවිධානය කරන ලද යුද හමුදාවේ විශ‍්‍රාම ගිය සහ සේවයෙන් පරිබාහිරව ආබාධිත වූ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ දරු දැරියන් සඳහා පාසල් පොත් සහ උපකරණ බෙදා දීමේ සත්කාරය පසුගියදා පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම අවස්ථාවට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප‍්‍රධාන විධායක නිලධාරී ඒ. පී. ජෙයරාජා, සම හවුල්කරු දිවාකර් සුබ‍්‍රමණියම්, යුද හමුදා ස්වේච්ඡා බලකායේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ජගත් එස්. ගුණවර්ධන, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු යුද හමුදා නිලධාරීහු සහභාගී වූහ.

රටේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කරන ත‍්‍රිවිධ හමුදාවේ සියලූම දෙනාගේ සේවය තමන් ඉහළින්ම අගය කරන බවත්, ඔවුන්ට කෘතඥතාව පළ කරන බවත් පැවසූ ප‍්‍රධාන විධායක නිලධාරී එ්. පී. ජෙයරාජා මහතා ඔවුන්ගේ පවුල්වලට හැකි සෑම අයුරකින්ම සහයෝගය දැක්වීම සියලූම රට වැසියන්ගේ වගකීමක් සහ යුතුකමක් බවත් අවධාරණය කළේය. මේ සත්කාරය පසුගිය වසරවලදී මෙන්ම ඉදිරි සෑම වසරකදීම දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව ක‍්‍රියාවට නැගීමට තම ආයතනය කටයුතු කරන බවද ජෙයරාජා මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න