පඹහින්න ජල ව්‍යාපෘතිය නිරීක්ෂණයට රාජ්‍ය ඇමැති වාසු යයි | දිනමිණ

පඹහින්න ජල ව්‍යාපෘතිය නිරීක්ෂණයට රාජ්‍ය ඇමැති වාසු යයි

වසර දෙකකට පෙර ලෝක බැංකු ආධාර යටතේ බෙලිහුල්ඔය ඇරඹි ජල ව්‍යාපෘතිය මේ වන විට අතර මග නැවතීම හේතුවෙන් ඒ පිළබඳව නිරීක්ෂණයට ජල සම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා 12 වැනිදා පඹහින්නට පැමිණියේය.

20017 වසරේ නොවැම්බර් මස දේශීය සමාගමක් හා චීන සමාගමක් එක්ව ක්‍රියාත්මක කළ එම ජල ව්‍යාපෘතිය 2019 නොවැම්බර් මස අවසන් විමට නියමිතව තිබුණ නමුත් ඩොලරයේ වැඩිවීමත් සමග එම ව්‍යාපෘතියට වෙන්කළ ප්‍රතිපාදන මත ව්‍යාපෘතිය අතරමග නැවැතී ඇත. මෙමගින් ඉඹුල්පේ ප්‍රාදේශීයෙ ලේකම් කොට්ඨාසය තුළ කිංචිගුණේ, මුත්තෙට්ටුවේගම, කුඹල්ගම, පුවක්ගහවෙළ ග්‍රාමසේවා වසම්වල නිවාස 2000 ක් සහ සබරගමු විශ්වවිද්‍යාලයට ජල සැපයුම ආවරණය වෙයි. මේ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි අතර බළංගොඩ පොදු පෙරමුණු සංවිධායක බළංගොඩ නාගරික මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල, බළන්ගොඩ ප්‍රාදේශිය සභාපති සුනිල් ප්‍රේමසිරි ප්‍රාදේශිය සභාපති ශ්‍රී ලාල් සෙනරත්, එම උපසභාපතිවරු හා මන්ත්‍රීවරු මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්වූහ. බළංගොඩ ජල ව්‍යාපෘතිය යටතේ පළමු සැලස්මට අයත් සමනලවත්ත, බොවත්ත, තැන්න හොරකැටිය ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් ඊට අතුළත් කර නොමැති බව අකිල එල්ලාවල හා බළංගොඩ ප්‍රාදේශීය සභාපති සුනිල් ප්‍රේමසිරි යන මහත්වරු අමාත්‍යවරයාට පෙන්වාදුන්හ. ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේව්‍යාපෘති දිස්ත්‍රික් කළමනාකාර එස්.පී. ගමගේ මහතා ව්‍යා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින තත්වය පහැදිලි කළ අතර 70% අවසන් කර ඇති බව පැවසීය.

මේ සම්බන්ධව සම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ“පඹහින්න ජල යෝජනා ක්‍රමයේ අරමුණ එක් පැත්තකින් විශ්වවිද්‍යාලයට ජලය සැපයීමත් අනෙක් පසින් ගම්මාන 10 කට පමණ ජලය සැපයීමත් බවය. මේ වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු පමා වෙමින් තියනවා. ඊට හේතුව වී තිබෙන්නේ පිටරටින් ගෙන්විය යුතු භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල වැඩි වුණා. රුපියල අව ප්‍රමාණ වීම නිසා. වැඩිපුර ගෙවියයුතු මුදල රජයෙන් නොලැබෙන් නිසා එම ගෙවීම් කළ නොහැකිවීම මත මෙය ප්‍රමාදවී තිබෙණවා. මන්දගාමීවි තිබෙනවා. මේ සඳහා වන ආණ්ඩුවේ අනුමැතිය ලබන සතිය තුළ ලබා දෙනවා. මාර්තු අප්‍රියෙල් වෙන විට වැඩ සම්පූර්ණව මැයි ජූනි වන විට ජලය සැපයිය හැකි වෙයි කියල කිවහැකියි. ගොවිතැනින් ජීවත්වුන පිරිසගේ ගොවිතැන් විශාල හානියකට ලක්ව තිබෙනවා හිරිකටුඔය ගන්නා ජලය විශ්වවිද්‍යාලයට පමණක් නොවෙයි පෙර තිබුණේ ප්‍රාදේශීය සභාවට එය නැවතත් ප්‍රාදේශීය සභාවට භාරගෙන, හිරිකටු ඔය ජලය ගැනීමට දැනට පුද්ගලිකව පිරිස් යම් යම් ගන්නා වු පියවරයන් සම්බන්ධව පාලනයක් ඇති කරලා ගොවියන්ට ලැබෙන ආකාරයට අපේ සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මෙම ජල ව්‍යාපෘතිය හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවයි කටයුතු කර කරගෙන යනවා. බලංගොඩ ජල යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අතිවිශාල ජන ජලයෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මීට අපට අශ්‍යව වී තිබෙනවා මුල්ය ප්‍රතිපාදනයක් මේ මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා ගැනීමත් සමග එම වැඩ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. 24 දහසකට පමණ ජලය ලබාදීමට පුළුවන් වෙනවා එමගින්. වැලිගෙපොල දක්වා එම ජල ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා දැනට මේ සම්බන්ධයෙන්යෙන් කොරියා සමාගමක් නිරීක්ෂණය කරමින් පවතිනවා.මෙහි සක්‍යතා වාර්තාව සිදු කිරීමෙන් අනතුරුව ඉ එම සමාගම කටයුතු ඇරඹීමට සූදානම්. ඒ සඳහා මුදල් පොලියට ලබා ගැනීමට බලා බලාපොරොත්තු වෙනවා. කොරියානු සමාගම මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා හොඳ තාක් තාක්ෂණයක් තියෙන ජාත්‍යන්තර වටිනාකම්ක් ඇති සමාගමක්.

ජල බිල් බිල්පත් සම්බන්ධයෙන් විමසීමේදී ඉදිරියේ දී ජල බිල වැඩි වන්නේ නැති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර “මෙහිදී සඳහන් වුණා හිරිකටුඔයෙන් විශාල පයිප්ප මගින් ජලය ලබා ගන්නා බව පෞද්ගලික වගාවන්ට. එම වගා කිරීම් සඳහා ලබාගන්නා ජලය ලබාදීමට නම් ඒ සඳහා අය කළ යුතුයි දහ ගුණයක මිලක්. අන්න ඒ අනුවයි මිළ වැඩි කිරීම් සිදු සිදුකරන්නේ.

 

බෙලිහුල්ඔය සමූහ

සමන්තා කංකානම්ගේ සහ

බලංගොඩ එස්.ප්‍රියනන්දන

නව අදහස දක්වන්න