RMV අක්‍රමිකතා සොයන්න කොමිසමක් | දිනමිණ


 

RMV අක්‍රමිකතා සොයන්න කොමිසමක්

නිමල් රාජපක්ෂ

ඇමැති අමරවීරගෙන් ලේකම්ට උපදෙස්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සිදු වී තිබෙන අක්‍රමිකතා සෙවීමට වහා කොමිසමක් පත්කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

රියැදුරු බලපත් නිකුත් කිරීම සඳහා පුද්ගලික ආයතනයකට ලබාදුන් කොන්ත්‍රාත්තුව යටතේ දෙපාර්තුමේන්තුවට විශාල වංචාවක් සිදුවී ඇත. මෙම පුද්ගලික සමාගම කොන්ත්‍රාත් කාලය අවසන් වී තිබියදීත් රියදුරු බලපත් නිකුත් කිරීම, මුද්‍රණය කිරීම, ජාලගත කිරීම සහ පද්ධති සකසීම කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට සිදුව ඇති  පාඩුව මිලියන ගණනකි.

අදාළ පුද්ගලික සමාගම මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ සම්පත් ප්‍රායෝජනයට ගනිමින් රියැදුරු බලපත් නිකුත් කිරීමේ දී රජයට රුපියල් 15/- මුදලක් ලබාදෙමින් එම සමාගම රුපියල් 1285/ මුදලක් අයකර ගෙන තිබේ. මීට අමතරව කොන්ත්‍රාත් කාලය අවසන් වී වසර දෙකක් ගත වී තිබිය දී අදාළ සමාගමට ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් මිලියන 5600ක් ගෙවා තිබේ. අදාළ සමාගම ගිවිසුම් ගසා ඇතැත් ඒ පිළිබඳ අමාත්‍යාංශයවත් මෝටර් රථ දෙපාර්තුමෙන්තුවේවත් ලියකියවිලි නොතිබීම නිසා මෙවැනි ක්‍රියාවන් වහාම සොයා බැලීම සඳහා කොමිසම පත්කිිරීමට මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

නව අදහස දක්වන්න