පාඨලීගේ රිය අනතුර රහස් ප්‍රකාශයක් කරන්න දෙවන සැකකරු සූදානමින් | දිනමිණ


 

පාඨලීගේ රිය අනතුර රහස් ප්‍රකාශයක් කරන්න දෙවන සැකකරු සූදානමින්

සිරන්ජනි කුමාරි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් කිරීමට එම සිද්ධියේ දෙවන සැකකරු සූදානම් බව ඊයේ (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය වෙත දැනුම් දුන්නේය.

මෝසම් පත්‍රයක් කැඳවමින් සිද්ධියේ දෙවන සැකකරු වන දිලුම් තුසිත කුමාර යන අය අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මෙම අනතුර සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරනු ලැබිණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්ති ප්‍රකාරව මෙම රිය අනතුරේ රියදුරු වූ දිලුම් තුසිත කුමාර යන අය අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් කිරීමට ඉල්ලීම් කර තිබිණි.

අදාළ කරුණු සලකා බැලීම සඳහා නඩුව ලබන මස 14 වන දිනට මහේස්ත්‍රාත්වරිය කල් තැබුවාය.

නව අදහස දක්වන්න