සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අගමැති හමුවෙයි | දිනමිණ


 

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අගමැති හමුවෙයි

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් ආනන්ද පීරීස් මැතිතුමා සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව අද (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙන්තුවේ ඉදිරි ගමන් මග පිළිබද සාකච්ඡා කළ අතර සුහද පිළිසදරක ද නිරත විය.

වත්මන් අධ්‍යක්ෂකතුමා වසර 34 ක නාවික හමුදා සේවය තුළ නැගෙනහිර,බටහිර සහ දක්ෂිණ විධානයන්හි ආඥාපති ධූරයත්,උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ධූරයක් හොබවා ඇත.

නව අදහස දක්වන්න