ඩුබායි ගංවතුරෙන් ගුවන් තොටුපොළත් යටවෙයි | දිනමිණ


 

ඩුබායි ගංවතුරෙන් ගුවන් තොටුපොළත් යටවෙයි

ගෙවී ගිය සති අන්තයේ ඩුබායි වෙත ඇද හැළුණ ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ මහාමාර්ග වසා දැමීමටත්, ගුවන් ගමන් අවලංගු කිරීමටත් සිදු වූ බව වාර්තා වේ.

ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසන්නේ ගුවන් ගමන් සියල්ල අවලංගු කිරීමට හෝ කල් දැමීමට සිදු වූ බවයි. ඊට අමතරව සමහර ගුවන් යානා ආසන්නතම අල් මැක්ටොම් ගුවන් තොටුපොල වෙත යොමු කිරීමට සිදු වූ බව සඳහන්ය. පසුගිය බ්‍රහස්පතින්දා සිට ඊයේ (13) දිනය වනතුරු මේ වර්ෂාව පවතින බව ජාතික කාලගුණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

නව අදහස දක්වන්න