තාල් ගිනි කන්ද සක්‍රීය වෙයි: | දිනමිණ


 

තාල් ගිනි කන්ද සක්‍රීය වෙයි:

මැනිලා අගනුවර හිස් කරයි

පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තාල් ගිනි කන්ද සක්‍රියවීම හේතුවෙන් මැනිලා අගනුවර ආසන්නයේ මිලියන භාගයකට ආසන්න ජනතාව “සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස” පිලිපීන බලධාරීහු දැනුම් දෙති. මේ වන විට කිලෝමීටර් 14 තරම් උසට දුම්රොටු විහිදෙන බවත් වරින් වර කම්පන සිදුවන අතර ඊයේ පෙරවරුවේ දී ලාවා ගලා යාම ආරම්භ වූ බව සඳහන්ය. මේ ගිනි කන්ද මැනිලා අගනුවරින් කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටා ඇති බැවින් මෙමගින් ඇතිවන බලපෑම වැඩි බව බලධාරීහු පවසති. ගිනි කන්දෙන් දුම් පිටවීමට ආරම්භ වීමත් සමඟ මැනිලා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සියල්ල ද අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.

තාල් ගිනි කන්ද පිලිපීනයේ සක්‍රිය ගිනි කඳු අතරින් වඩාත් සක්‍රීය දෙවැනි ගිනි කන්ද වන අතර ඉදිරි සති කිහිපය තුළ එහි දැවැන්ත පිපිරුමක් බලාපොරොත්තු විය හැකි බවට පිලිපීනයේ භූ කම්පන හා ගිනි කඳු සම්බන්ධ පර්යේෂණායතනය අනතුරු හඟවයි. පසුගිය අවුරුදු 450ක කාලය තුල ගිනි කන්ද 34 වරක් විදාරණය වී ඇත.

 

නව අදහස දක්වන්න