හැරී මේගන් ගැන රජ පවුල කනස්සල්ලෙන් | දිනමිණ


 

හැරී මේගන් ගැන රජ පවුල කනස්සල්ලෙන්

හැරී -මේගන් යුවළ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි චිත්ත වේදනාවට පත් වී ඇති බව පැවසේ. ඔවුන්ගේ මේ තීරණය පිළිබඳව සහ හැරී කුමරුගේ අනාගතය පිළිබඳ රජ පවුල තුළ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී මේගන් මර්කල් සිය පුතු සමඟ කල් ගෙවීම සඳහා නැවතත් කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. මේගන් මාකල් මෙසේ කැනඩාවට පිටත්ව ගොස් තිබෙන්නේ, හැරී සහ මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් ලබාදීමට කටයුතු කරන මෙන් රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන අතරතුරය.

කෙසේ වුව ද බකිංහැම් මාලිගය පවසන්නේ, විසඳා ගැනීමට වෙනත් සංකීර්ණ ප්‍රශ්න තිබෙන බවයි.

 

නව අදහස දක්වන්න