ලෝක නායකයන්ගේ බුහුමන් මැද ඕමාන සුල්තාන්වරයා අවසන් ගමන් යයි | දිනමිණ


 

ලෝක නායකයන්ගේ බුහුමන් මැද ඕමාන සුල්තාන්වරයා අවසන් ගමන් යයි

අරාබි ලෝකයේ වැඩිම කාලයක් සේවය කළ පාලකයා වූ අභාවප්‍රාප්ත කුබූස් බින් සයිද් අල් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයෝ මස්කට් වෙත පැමිණයහ. පසුගිය සිකුරාදා සුල්තාන්වරයා මිය ගිය බව නිල වශයෙන් වාර්තා වූ අතර මිය යන විට ඔහු 79 වැනි වියේ පසු විය. ඔහුගේ අභාවය වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ චාර්ල්ස් කුමරු ද මස්කට්හි පැවැති ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයට එක්ව සිටියහ.

1970 දී රුධිරය හැලීමකින් තොර කුමන්ත්‍රණයකින් බලයට පත් කුබූස් සුල්තාන්වරයාගේ පාලන කාලය තුළ ඕමානය සංවර්ධන මාවතට යොමු වූ බවට ප්‍රකට විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ ඥාති සොහොයුරකු වන හයිතම් බින් තරික් අල් සයිද් දිවුරුම් දුන් බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා ඔහුගේ දේහය පවුලේ සුසාන භූමියේ දී මිහිදන් කරන ලද අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු උදරාශ්‍රිත පිළිකා රෝගය හේතුවෙන් මියගිය බවයි.

 

නව අදහස දක්වන්න