සේදී ගිය කොන්ක්‍රීට් පාර හදන්නේ කවදාද? | දිනමිණ

සේදී ගිය කොන්ක්‍රීට් පාර හදන්නේ කවදාද?

බිබිල මැදගම තිඹිරිය ඔයේ ජල පහරට අලුතින් ඉදිකළ පහළඅරාව කොන්ක්‍රීට් මාර්ගය සේදී ගිය බව ගම්වාසීහු කියති. තිඹිරිය ඔය අසලින් පහළඅරාව ගමට දිවෙන මාර්ගය රුපියල් ලක්ෂ දහයක මුදලක් වැයකර රජයෙන් ඉදිකර මාස පහක් ගතවීමටත් පෙර ඔයේ ජල පහරට කොන්ක්‍රීට් පාරට යට පස් තට්ටුව සේදී ගොස් තිබේ. පස සේදී ගොස් මාසයක් ගතවුවත් මෙතෙක් විසඳුමක් නොදී මාර්ගය වසා තිබෙන බව ගම්වාසීන් කියන අතර මාර්ගයේ වාහනයක් ධාවනය වුවහොත් සම්පුර්ණයෙන්ම පාර විනාශ වී යාමේ අවදානමක්ද තිබේ.

සටහන හා ඡායාරූපය - ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න