ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරනවා- සබරගමුව පළාත් ආණ්ඩුකාර | දිනමිණ

ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරනවා- සබරගමුව පළාත් ආණ්ඩුකාර

දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (16) සඳහන් කළේ ය.

සබරගමුව ආණ්ඩුකාරවරයා මේ බව පැවසූවේ, පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ ස්වාමීන් වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ, දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි විවෘත කිරීමට කටයුතු කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් සබරගමුව ආණ්ඩුකාරවරයා පැවසූවේ,දේශීය ආයෝජන මගින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින්නැවත විවෘත කරන බවය.

එමගින් පළාතේ තරුණ ප්‍රජාව වෙත සෘජු රැකියා මෙන්ම ප්‍රදේශවාසීන් හට වක්‍ර රැකියා අවස්ථා රැසක් බිහි කළහැකි බවද හෙතෙම පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩකරන රටක් ,සෞභාග්‍යමත් හෙටක් වැඩපිළිවෙල, සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක කිරීම තමාගේ මූලික අභිප්‍රාය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න