මේ වසර අවසන් වීමට පෙර නව නිවාස 14,022ක් | දිනමිණ

මේ වසර අවසන් වීමට පෙර නව නිවාස 14,022ක්

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව “ගමට ගෙයක් - රටට හෙටක්, සෑම පවුලකටම සුවපහසු නිවසක්”ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රමාත්‍යතුමන්ගේ පූර්ණ ආශිර්වාදය මත මෙම වසර අවසන් වීමට පෙර නිවාස 14,022 ක් ඉදිකරකර අවසන් කරන බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.    
 
පොල්අතු, ටකරන්, ලෑලි, තල් අතු සෙවිලි කළ නිවාස වල පදිංචි පවුල් සඳහාත්, නිදන්ගත රෝග, ආබාධිත දරුවන් සිටින පවුල් සඳහාත්, විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවද දුප්පත්කමින් පෙළෙන දරුවන් සඳහාත් මෙම නිවාස ව්‍යෘපෘතිය හරහා කඩිනමින් නිවාසලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
 
වත්මන් රජය යටතේ නිසි ක්‍රමවේදයකින් යුතුව නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 
 
මෙම අවස්ථාවට සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේරසිංහ මහතාද සහභාගී විය.
 

නව අදහස දක්වන්න