හබරණ සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඩ් ස්පාව්‍යවසාය විශිෂ්ටතා රිදී සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

හබරණ සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඩ් ස්පාව්‍යවසාය විශිෂ්ටතා රිදී සම්මානයෙන් පිදුම් ලබයි

උතුරු මැද පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2019 සම්මාන උළෙලේදී විශාල පරිමාණ කාණ්ඩයේ, සංචාරක අංශයේ රිදී සම්මානයෙන් සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඩ් ස්පා හෝටලයේ සභාපති ප්‍රියංකර බණ්ඩාර අතුකෝරළ මහතා පිදුම් ලැබීය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල එක්ව මෙම උළෙල සංවිධානය කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පැවැත්වූ වසරේ ව්‍යවසායකයා 2017 සම්මාන උළෙලේදීද විශාල පරිමාණ කාණ්ඩයේ, සංචාරක අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූයේ ප්‍රියංකර බණ්ඩාර අතුකෝරළ මහතාය.

සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඩි ස්පා හෝටලය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් දිනා ගෙන තිබේ. කාමර හතළිහකින් සමන්විත මෙම හෝටලයේ සෑම කාමරයකටම රිටිගල කන්ද දර්ශනය ලෙස දිස් වීම විශේෂත්වයකි. Deluxe, Family සහ Suite ලෙස කාණ්ඩ තුනක් යටතේ කාමර වෙන් කර ගත හැකිය. ඒ සෑම කාමරයකටම නොමිලේ වයි ෆයි පහසුකම සපයා ඇත. සියලු කාමර බැල්කනිවලින් සමන්විත වන අතර මිනිබාර් පහසුකම්ද සපයා තිබේ. සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඞ් ස්පාහි භාවිතයට ගන්නා එළවළු එහිම කාබනික ගොවිපොළෙන් නෙලා ගන්නා ඒවාය. තම හෝටලයට පැමිණෙන පාරිභෝගිකයන්ට රසායනික පොහොර නොයෙදූ වස විසෙන් තොර එළවළු සහ පළතුරුවලින් සංග්‍රහ කිරීම සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්ඩ් ස්පාහි ප්‍රමුඛ අරමුණකි. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට සියලු පහසුකම් සහිතව රිටිගල සංචාර සංවිධානය කර ගත හැකිය. සීගිරිය, දඹුල්ල, අනුරාධපුර සහ පොළොන්නරුව මෙහි සිට යා හැකි අනෙකුත් සංචාරක ගමනාන්තයන්ය. ඊට අමතරව මින්නේරිය, කවුඩුල්ල, වස්ගමුව යන ජාතික වනෝද්‍යානවලටද මෙහි සිට පහසුවෙන් සංචාරය කළ හැකිය. සන්ග්‍රීන් රිසෝර්ට් ඇන්‍ඩ් ස්පාහි සේවකයන්ගෙන් 50%කට වඩා ඉන්නේ ප්‍රදේශවාසීන්මය. ඊට අමතරව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද දියත් කර ඇති බව සාමාන්‍යාධිකාරි සංජීව ඉන්දික විජේසිංහ මහතා පැවැසීය.

නව අදහස දක්වන්න