‘එක තීරයක්-එක මාවතක්‘ චීන සැලසුම ගැන සමුළුවක් | දිනමිණ

‘එක තීරයක්-එක මාවතක්‘ චීන සැලසුම ගැන සමුළුවක්

එක තීරයක්, එක මාවතක් යන චීන සැලසුම අභිමුවෙහි අභි‍යෝග හා අවස්ථා සම්බන්ධයෙන් ඉන්දු - ලංකා උපායශීලීත්වය සලකා බලන සමුළුවක් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. පාත්ෆයින්ඩර් පදනම සහ දක්ෂිණ චීන සාගර අධ්‍යයන ආයතනය එක්ව සංවිධාන කළ මේ අවස්ථාවට චීනය හා අමෙරිකාව ඇතුළු දකුණු ආසියානු රටවල නියෝජිතයෝ සහභාගි වූහ. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ. බ්ලේක්, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, ජනාධිපති විදේශ කටයුතු සම්බන්ධතා අතිරේක ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, දක්ෂිණ චීන සාගර අධ්‍යයන ආයතනයේ නියෝජිත ආචාර්ය වූ ශීකුන් මහත්වරු ඇතුළු පිරිස සැසිවාරයට සහභාගි වූ අවස්ථාව සහ සමුළුව අවසාන‍යේ ඉන්දියා, මියන්මාර්, බංග්ලාදේශ, නේපාල සහ පාකිස්තාන නියෝජිතයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

නව අදහස දක්වන්න