2021 රග්බි ලීග් ලෝක කුසලාන දිනුම් ඇදීමට හැරී කුමරු එක්වෙයි | දිනමිණ

2021 රග්බි ලීග් ලෝක කුසලාන දිනුම් ඇදීමට හැරී කුමරු එක්වෙයි

පූර්ණ කාලීන රාජකීය කටයුතුවලින් ඉවත් වන බවට නිවේදනය කිරීමෙන් පසු බකිංග්හැම් මාලිගයේ පැවති 2021 රග්බි ලීග් ලෝක කුසලාන දිනුම් ඇදීම සඳහා හැරී කුමරු සහභාගි වී තිබේ. රගර් ක්‍රීඩාවේ යෙදෙන එරට ඇතුළු ජාතීන් 21ක ළමා නියෝජිතයන් මුණ ගැසීමේ අවස්ථාවට ද සහභාගි වීමට නියමිතව තිබුණි. මේ අතර මේගන් සිය පුතණුවන් ද සමඟ කැනඩාවට ගොස් ඇති බව වාර්තා වේ. රැජින, හැරී කුමරු සහ චාර්ල්ස් කුමරු එක්ව පසුගියදා මේ යුවළගේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර එහිදී ඇති වූ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත්වීමට මෙන්ම නිදහස් මූල්‍ය පරිහරණයට සහ එක්සත් රාජධානිය සහ කැනඩාව අතර කාලය ගත කිරීමට එකඟ වෙමින් රැජින විසින් නිවේදනයක් ද නිකුත් කළාය. රැජින සමඟ මේ හමුව පැවැත්වීමට නියමිතව තිබියදී ඊට පෙර මේගන් ඔවුන්ගේ අට මස් වියැති ආර්චි පුතු සමඟ කැනඩාවට ගොස් තිබුණි.

 

 

නව අදහස දක්වන්න