නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පරිසර පද්ධතියට දැඩි හානි | දිනමිණ


 

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පරිසර පද්ධතියට දැඩි හානි

ඔස්ට්‍රේලියාවේ ලැවි ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. එම ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශයන්හි නිවාස සහ අනෙකුත් දේපල මුළුමණින්ම විනාශ වී ගොස් ඇත. 
 
බොහෝ වනාන්තර ප්‍රදේශය මුළුමණින්ම පිළිස්සී ඇති බව විදෙස් වාර්තාවල සදහන් වේ. 
 
අදාළ ප්‍රදේශ ආශ්‍රත දුම්රිය මෙන්ම සංඥා පද්ධති සහ විදුලි රැහැන් පද්ධතිවලට ද දැඩි අලාභ හානි සිදුව තිබේ. 
 
‘සොබා දහම සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදලෙහි‘ නවතම වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් කෝලා, කැන්ගරු, කොකැටු වැනි ස්වදේශීය සත්ව විශේෂ ඇතුළු බිලියන 1.25ක සතුන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බව සදහන් වේ. හෙක්ටයාර මිලියන 10.7කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද සදහන් වේ.  

නව අදහස දක්වන්න