මහ ඡන්දෙට මෛත්‍රී පොලොන්නරුවෙන් | දිනමිණ

මහ ඡන්දෙට මෛත්‍රී පොලොන්නරුවෙන්

සන්ධ්‍යා කරුණාරත්න

ඉදිරි මහ මැතිවරණයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අනිවාර්යයෙන්ම තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන බවත් සියලු දෙනාගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මහ මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් කරා මෙහෙය වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (17) ප්‍රකාශ කළේය.

නම හා ලාංඡනය වෙනස් කරමින් අලුත් නමකින් හා ලාංඡනයකින් ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන්නේ යැයි ද, එම ලකුණ කුමක් ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයකට පැමිණ නැතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ද සහභාගි විය.

නව අදහස දක්වන්න