කඩවුණු පොරොන්දුවට 73යි: ජාතික චිත්‍රපට සංස්ථාවට 48යි: | දිනමිණ

කඩවුණු පොරොන්දුවට 73යි: ජාතික චිත්‍රපට සංස්ථාවට 48යි:

දේශීය සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' තිරගත කර මේ මස 21දාට (73) වසරක් සපිරීමත් ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර 48 වසරක් සපිරීමත් නිමිති කරගෙන පවත්වනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් සහ පැරණි සිංහල චිත්‍රපට දැක්මක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇත. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් පරිදි මේ සැමරුම් උළෙල 21දා සිනමාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සවස 4.00ට චිත්‍රපට සංස්ථා 'තරංගනී' සිනමා ශාලාවේදී පැවැත්වේ.

මීට සමගාමීව හෙට (19) සිට සවස 5.00ට ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ 'හංසවිලක්' 20දා සවස 5.00ට 'ඩිංගිරි මැණිකා' සහ 21දා සවස 5.00ට 'සැඩ සුළං' චිත්‍රපට තිරගත කෙරේ.

මෙරට තැනුණු මුල්ම දේශීය චිත්‍රපටය ලෙස 'රාජකීය වික්‍රමය' ඉතිහාසයට එක්වන අතර 1929 වසරේ අප්‍රේල් 21 දින 'රොමානිස්ගේ කතාව' නමින් කොළඹ එල්ෆින්ස්ටන් සිනමා හලේදී නිහඬ චිත්‍රපටයක් ලෙස තිරගත වී ඇත. මෙරටදී රූගත කරන ලද මේ නිහඬ චිත්‍රපටය සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් උපසිරැසි ගන්වා තිබී ඇත. එදා ඩේලිනිවුස් පුවත්පත මේ චිත්‍රපටය හඳුන්වා තිබුණේ The Romance of Romanis නමිනි.

රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න