TIDයත් CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතට | දිනමිණ


 

TIDයත් CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතට

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතට පත් කර තිබෙ

ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ යටතේ ක්‍රියාත්මක වනු ඇති බවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, දැනට බදුල්ල දිස්ත්‍රික්කය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, මොණරාගල දිස්ත්‍රික්කයේ ද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට ජාතික පොලිස් කොමිසම මගින් මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් කොමිසම සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ඊට අයත්.

 

නව අදහස දක්වන්න