හුංගම රිය අනතුරින් සිව් දෙනෙක් මරුට | දිනමිණ

හුංගම රිය අනතුරින් සිව් දෙනෙක් මරුට

හුංගම, බටඅත ප්‍රදේශයේදි ඊයේ (19) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනක් ජිවිතක්ෂයට පත්ව තවත් 20 ක් පමණ රෝහල් ගත කර ඇත.

බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් බව පොලිසිය සදහන් කරයි.

තුවාල ලත් සියළුම දෙනා තංගල්ල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකෙරේ.

නව අදහස දක්වන්න