වඳවී ගිය කළු කොටියා යළි මතු වෙයි | දිනමිණ

වඳවී ගිය කළු කොටියා යළි මතු වෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවේ වඳ වී ගොස් ඇතැයි සැළකූ කළු කොටියා පිළිබඳ සොයා ගැනීමට වන ජීවී දෙපාර්තුමේන්තුව සමත් වී ඇත

මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි.

අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.

ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ මේ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණි.

කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානය පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් විය.

ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගෙන ඇත.

ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තව ත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී ඇත.

නව අදහස දක්වන්න