රාජිතට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතේ තීන්දුව අද | දිනමිණ


 

රාජිතට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතේ තීන්දුව අද

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව ගොණුකර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත පිළිබඳ නියෝගය අද (21) ලබා දීමට නියමිතව ඇත.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් දෙසැම්බර් මස 30 වැනි දා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදා හැරීමට ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් අදාළ ප‍්‍රතිශෝධන අයදුම්පත නීතිපති දප්පුල ද ලිවේරා විසින් ගොනු කර කරන ලදි.

නීතිපතිවරයා සිය ප‍්‍රතිශෝධන අයදුම්පත හරහා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඇපමත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි .

අදාළ ප‍්‍රතිශෝධන අයදුම්පත ඉකුත් 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථවේදී විනිසුරු මංජුල තිලකරත්න අදාළ නියෝගය අද (21) දිනයේ ලබා දීමට තීරණය කරන ලදි.

නව අදහස දක්වන්න