උතුරේ ලොකුම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරැඹේ | දිනමිණ


 

උතුරේ ලොකුම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරැඹේ

උතුරු පළාතේ ඉදිවන විශාලතම සුළං විදුලි බලාගාරයේ කටයුතු මන්නාරම ප්‍රදේශයේ ආරම්භ වී තිබේ.

අක්කර 350ක භූමි භාගයක ඉදිකෙරෙන මේ සුළං විදුලි බලාගාරයෙන් මෙගා වොට් 104ක විදුලි ධාරිතාවක් ව්‍යාපෘතිය හමාර වීමෙන් පසුව ජාතික විදුලි බල පද්ධතියට එක් වේ. මෙවැනිම තවත් සුළං විදුලි බලාගාරයක් යාපනයේ තෙන්මරච්චි මරවන්පුලව් ප්‍රදේශයේ ඉදිවන අතර ඉන් ජනනය වන විදුලිය ප්‍රමාණය මෙගා වොට් විස්සකි. මේ ව්‍යාපෘති දෙක සදහාම දෙමළ ජාතික සන්ධානය විරෝධතාව ප්‍රකාශ කොට තිබේ. නමුත් විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කීවේ විරෝධය පල කොට සිටි කාරණා දෙක සම්බන්ධයෙන් කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ වෙරලාශ්‍රිතව මේ සුළං බල විදුලි බලාගාර ඉදිකිරීම නිසා මසුන් ඉතා ඈතට ගමන් කිරීම නිසා ධීවර කර්මාන්තය අඩාල වන බවයි.

සුළං බලාගාර නිසා පළාතේ ජලය වාෂ්ප වී යන නිසා කෘෂිකාර්මික කටයුතුවලටද බරපතළ ප්‍රශ්න උදා වන නිසා මේ ව්‍යාපෘති දෙකටම විරෝධය පළ වී තිබුණි. නමුත් මේ වන විට එම ව්‍යාපෘති දෙකම ආරම්භ වී තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න