ඔරු­වැල්ල-නව මුහු­ණු­ව­ර­කින් | දිනමිණ

ඔරු­වැල්ල-නව මුහු­ණු­ව­ර­කින්

ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍යාං­ශයේ නිල පුව­ත්පත හා අන්ත­ර්ජාල ඊ -පුව­ත්පත “ඔරු­වැල්ල“ නව මුහු­ණු­ව­ර­කින් එළි­දැ­ක්වීමේ උත්ස­වය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්, ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් ලේක්හ­වුස් ආය­ත­නයේ ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ (20) පැවැ­ත්විණි. එහිදී ලේක් හවුස් ආය­ත­නයේ සභා­පති, කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ජනා­ධි­පති නීතිඥ ඩබ්ලිව්. දයා­රත්න මහතා ඔරු­වැල්ල පුවත් අති­රේ­කය ධීවර ඇමැ­ති­ව­රයා වෙත පිළි­ගැන් වූ අව­ස්ථාව.

මේ අව­ස්ථා­වට එක් වූ ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉන්දු රත්නා­යක, අමා­ත්‍ය­ව­ර­යාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදි­රි­සිංහ, ලේක් හවුස් ආය­ත­නයේ සාමා­න්‍යා­ධි­කාරි අභය අම­ර­දාස, රාජ්‍ය සබ­ඳතා දෙපා­ර්ත­මේ­න්තුවේ කළ­ම­නා­ක­රණ කර්තෘ සමන්ත කරු­ණා­සේ­කර සහ ඔරු­වැල්ල සංස්කා­රිකා බුද්ධිකා ඉඹු­ලාන මහත්ම මහ­ත්මීහු මෙහි වෙති. ඡායා­රූ­පය- වාසිත පට­බැ­දිගේ

නව අදහස දක්වන්න