පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප්‍රකාශයට | දිනමිණ

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප්‍රකාශයට

ස්වර්ණා විජේකෝන්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද(21) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විත වේ. ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (21) පස්වරු 3.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෛයි සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.

 

නව අදහස දක්වන්න