පෞද්ගලික පංති ගොඩනැගිල්ලක් කඩා වැටී දරුවන් දස දෙනකුට තුවාලයි | දිනමිණ

පෞද්ගලික පංති ගොඩනැගිල්ලක් කඩා වැටී දරුවන් දස දෙනකුට තුවාලයි

අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කුලීගොඩ, ගලගොඩ පෞද්ගලික පංතියක් පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ලක වහළ සහ එහි බිත්ති ඊයේ (20) සවස තුනට පමණ කඩා වැටීමෙන් එම ගොඩනැගිල්ල තුළ ඉගෙනුම ලබමින් සිටි පාසල් දරුවන් දස දෙනකුට තුවාල සිදුවි යැයි සිද්ධිය සියැසින් දුටුවකු පැවසුවේය.

තුවාල ලැබූ සිසුන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා බලපිටිය රෝහල වෙත යැවීමට ප්‍රදේශවාසීන් කටයුතු යොදා තිබුණි. කඩා වැටුණ ගොඩනැගිල්ල අලුතින් ඉදිකරන ලද්දක් බවද ප්‍රදේශවාසීහු පැවසූහ. රෝහල වෙත රැගෙන ගිය තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගයෙන් දැන ගන්නට ලැබුණි.

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස

ඡායාරූපය අම්බලන්ගොඩ සමූහ

නව අදහස දක්වන්න